විදේශ ඇමති හෙට (02) ඉන්දියාවට

විදේශ අමාත්‍ය අලි සබ්රි හෙට (02) ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට සූදානම් වනවා.

ඒ, භූ දේශපාලනය සහ භූ ආර්ථිකය පිළිබඳව ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ප්‍රමුඛතම සමුළුව වන රයිසිනා සංවාදයේ අටවැනි අදියරට සහභාගි වීම සඳහායි.

ඔබ්සර්වර් පර්යේෂණ පදනම, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව මෙම සමුළුව සඳහා සත්කාරකත්වය ලබා දෙනවා.

සමුළුව අතර, “බෙදුණු ලොව සුවපත් කිරීම” (Healing a Divided World) සහ “බලාපොරොත්තුවේ බයිට්: තාක්ෂණය ඔස්සේ ප්‍රජාව ගොඩනඟන ආකාරය” (Bytes of Promise: How can Technology Lift Communities) යන මාතෘකා යටතේ 3 වනදා පැවැත්වීමට නියමිත විශේෂ සංවාදවලට ද ඔහු සහභාගී වනු ඇති.

අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන දෙන ආකාරයේ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා පවතින නව මාවත් කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් අමාත්‍යවරයා මෙම සමුළුවට සමගාමීව රටවල් කිහිපයක සිය මිත්‍ර පාර්ශ්ව හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?