Indian Premier League

විදෙස් රැකියා සිහින පෙන්වූ කතක් අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් අය කළ මාතලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට විශේෂ විමර්ශන අංශයට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.මාතලේ, උකුවෙල, ඇල්වල, අංක 51/9 ලිපිනයේ “හෙර්ස් ජොබ්” නමින් පවත්වාගෙන ගිය මෙම ඒජන්සි ආයතනය වටලා ඇති අතර එම ආයතනය පවත්වාගෙන ගිය කාන්තාවක විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී ගුවන් ගමන් බලපත්‍ර 53ක්, රැකියා අයදුම්පත් 26ක්, මුදල් ලබාදුන් බවට සඳහන් රිසිට්පත් ඇතුළු තවත් ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගත බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් කාන්තාව විදෙස් රැකියා ලබා දෙන බව පවසා රැකියා අපේක්ෂිතයින්ගෙන් රුපියල් .4,848,000.00 ක මුදලක් ලබාගෙන ඇති බව ට අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?