විදෙස් රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ කාන්තාවක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් ලක්ෂ 81ක් වංචා කර සැඟව සිටි කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන යන සැකකාරිය ඊශ්‍රායලය හා කටාර් රාජ්‍යයන්වල සාත්තු සේවයේ සහ හෝටල්වල රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් 33 දෙනෙකුගෙන් මෙම මුදල් ලබාගෙන ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එලෙස මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් හලාවත අධිකරණයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ද ලැබී තිබුණා.

ඒ අනුවයි හලාවත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සැකකාරිය නිකවැරටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාරිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලන්සාගේ කුඩු ප්‍රශ්නයකට රාජපක්ෂලා අත දැම්ම හැටි වසන්ත හෙළිකරයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන් හැටි.
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10


?