Fly high Get bonus Aviator Phone

විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා රක්ෂණ ක්‍රමයක්

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සඳහා යෝග්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කම්කරු අමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟතාව දී තිබේ.

ශ්‍රී ලංකික විගමනික ශ්‍රමිකයින් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස් ශ්‍රමික රක්ෂණ ආවරණයක් සලසා ඇත.

එමගින් මරණයකදී රුපියල් 600,000ක හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීමේදී රුපියල් 400,000ක උපරිමයකට යටත්ව වන්දි ගෙවනු ලබයි.

නමුත් විගමනික ශ්‍රමිකයින්ට වැඩ බිම්වලදී සිදුවන නොයෙකුත් කාර්මික සහා ගෘහස්ත අනතුරු, විවිධ රෝගාබාධ මෙන්ම හාම්පුතුන්ගෙන් සිදුවන පීඩාවන් සහ හිරිහැර හේතුවෙන් ඇතිවන මානසික සහ සෞඛ්‍ය ගැටලු සඳහා කිසිදු ආවරණයක් එමගින් නොලැබෙන බව කම්කරු අමාත්‍යංශය පවසයි. 
   
එම කරුණු ද ආවරණය වන පරිදි කම්කරු අමාත්‍යවරයා විසින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?