Indian Premier League

විදුහල්පති තම පියාට පාසලට පැමිණෙන්න කීවා යැයි පාසල් සිසුවියක් වසපානය කරයි

ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් හුරුළුනිකවැව ජනසිරිගම ප්‍රදේශයේ සිය නිවසේ දී වසපානය කර සියදිවිහානිකරගැනීමකින් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිඳුණුවැව හුරුළුනිකවැව අ/අනුර මහා විදුහලේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15 ක පාසල් ශිෂ්‍යාවක්.

මෙම පාසල් සිසුවිය විසින් පෙරේදා (04) වන දින තම පියාගේ ජංගම දුරකථනය පාසල වෙත රැගෙන ගොස් ඇති අතර එම ජංගම දුරකථනය පාසලේ විදුහල්පතිට අසුවී එම ජංගම දුරකථනය පාසලේ විදුහල්පති සන්තකයේ තබාගෙන ඇති අතර පසුදා තම පියා සමග පාසලට පැමිණෙන ලෙස පාසලේ විදුහල්පති විසින් පවසා තිබෙනවා එම සිසුවිය එයට ලජ්ජාශීලී තත්ත්වය සහ සිත් තැවුල හේතුවෙන් මෙලෙස තම නිවසේදීම වස පානය කර සියදිවි හානි කරගැනීම සිදුව ඇතැයි ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසනවා.

මෙම දැරිය කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

දැරිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
5
+1
3
+1
16
+1
4
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?