spot_imgspot_img

විදුහල්පති ගැටලු විසදීමට පත් කළ විද්වත් කමිටුවට ඇමති සුසිල්ගෙන් යෝජනාවලියක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන ලේකම් විසින් පත් කරන ලද කමිටුව අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී යි.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් අනුවයි අධ්‍යාපන ලේකම් විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේ.

ඊයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවතින ප්‍රධාන ගැටලු කිහිපයකට අවධානය යොමු කළ අමාත්‍යවරයා වැටුප් විෂමතා, බඳවා ගැනීම් පටිපාටිය, උසස් කිරීම් සහ ස්ථාන මාරු කිරීම් පිළිබඳ ව නිලධාරීන් විසින් සහ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට දිය යුතු ප්‍රමුඛතාවන් පිළිබඳ ව අදහස් දක්වා තිබෙනවා.

කමිටුව මේ දක්වා සිදු කර ඇති කාර්ය ප්‍රගතිය සමාලෝචනය කළ අමාත්‍යවරයා මූලික ගැටලු නිරාකරණය සඳහා කෙටිකාලීන විසඳුම් හැකි ඉක්මනින් ඉදිරිපත් කරන ලෙසටයි කමිටුවට දැනුම්දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?