විදුලි සැර වැදී අයෙක් මරුට

ඊයේ (22) දින සවස මහව පොලිස් වසමේ උක්වත්තේගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට විදුලිසැර වැදීමෙන් මියගොස් ඇති බවට මහව පොලිසියට තොරතුරක් ලැබි තිබෙනවා.

මහව පොලිස් ස්ථානය විසින් ඒ පිළිබද විමර්ශණයක් ආරම්භ කර තිබෙන අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 57 ක් වන මැදගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම පුද්ගලයා උක්වත්තේගම කුකුළු ගොවිපළක් රැකබලා ගැනිමේ නිරතව සිටින අතර ගොවිපළට බල්ලන් ඇතුළු වීම වැළැක්වීමට අදින ලද විදුලි රැහැනක් පාදයේ පැටලීමෙන් විදුලි සැර වැදී මියගොස් ඇති බව සිදුකල විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත දේහය මහව රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?