AFC Banner
AFC Banner
Empty Ad

විදුලි භාවිතය අඩු කරන්න අලුතෙන් කරන්න යන වැඩේ

විදුලි පරිභෝජනය අඩු කිරීම සඳහා යෝජනාවලියක් මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පව්සායි.

ඒ අනුව මාර්ගවල ඇති විදුලි පහන් නිවාදැමීම හා කාර්යාලවල විදුලි උපකරණ නිවා දැමීම ඇතුළු යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා පවසයි.

තවද අද, හෙට සහ අනිද්දා දිනයන්වලදී විදුලිය විසන්ධි කිරීමට බලාපොරොත්තු නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

“පළාත් සභාවල වීදී ලාම්පු සැලැස්මකට දාලා නෑ. එකින් එක විසන්ධි කරන්න වෙනවා. සැලැස්මකට දාපුවා.. හයිවේවල, ප්‍රධාන පාරවල්වල ඒවා අපිට පාලනයක් කරන්න පුළුවන්. ඒවා ගැන යෝජනාවක් කරන්න අපි බලාපොරොත්තුවෙනවා ඉදිරි කැබිනට් මණ්ඩලයේදී.” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?