Indian Premier League

විදුලි බිල වැඩි වන හැටි

75% ක සාමාන්‍ය අගයකින් හෙට(10) සිට විදුලි බිල වැඩිවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ජනක රත්නායක මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

මිට පෙර කැඳවූ යෝජනාවලට අනුව මේ තීරණය ගෙන තිබෙන බවද ඔහු සඳහන් කළා.

ඒකක 30දක්වා සියයට 264ක වැඩිවීමක් වන අතර ඒ අනුව රුපියල් 198ක මුදලක් අමතරව විදුලි බිලට එකතු වනු ඇති ඒකක 31-60 දක්වා සියයට 200ක වැඩිවීමක් වන අතර ඒ අනුව රුපියල් 599ක මුදලක් විදුලි බිලට එකතු වීමට නියමිතයි.

ඒකක 61-90 දක්වා සියයට 125ක වැඩිවීමක් වන අතර ඒ අනුව රුපියල් 1461ක මුදලක් විදුලි බිලට එකතු වන අතර ඒකක 91-120 දක්වා සියයට 89ක වැඩිවීමක් වන අතර ඒ අනුව රුපියල් 2900 මුදලක් විදුලි බිලට එකතු වනු ඇති

ලක්ෂ 48ක ජනතාවක් ඒකක 90ට වඩා අඩුවෙන් භාවිතා කරන බවත් විදුලි ඒකකයක් නිපදවීමට යන පිරිවැය රුපියල් 31ක් බවත් මෙහිදී ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?