මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (17) දැනුම් දුන් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව කොමිසම විසින් ලබා දුන් නිර්දේශයන් මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව ක්‍රියාත්මක කරන බවයි බලශක්ති අමාත්‍යාංශය එමඟින් සඳහන් කර ඇත්තේ.
මේ අතර ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) දිනයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
එහිදී මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ 20%ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවට ගත් බවයි.
මෙම විදුලි ගාස්තු සංශෝධනය අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ද එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.