විදුලි ගාස්තු ගැන අභියාචනාධිකරණයේ තීරණයකට එරෙහිව අභියාචනයක්

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනු කර තිබෙනවා.

විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසිනුයි මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනා පෙත්සමින් සඳහන් කර තිබෙන්නේ පසුගියදා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි බවයි.

මේ හරහා අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමේ බලතල කප්පාදු කිරීමක් සිදුකර ඇති බවත් එම අභියාචනා පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

එබැවින් තමන් විසින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ඉකුත්දා අභියාචනාධිකරණය ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝග කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
3
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?