විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ නඩුව අද

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ විදුලිය කප්පාදු නොකරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (08) සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීමට නියමිතව තිබෙනවා.

මෙම පෙත්සම පවත්වාගෙන යාම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් අනුමැතිය ලබාදුන් ලේඛන අද අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් ඉකුත්දා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට නියෝග කර තිබුණා.

ඒ අනුව අදාළ ලේඛන අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?