විදුලිසැර වැදීමෙන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

විදුලිසැර වැදීමෙන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මට්ටක්කුලිය කාකදූපත ප්‍රදේශයේදී ඊයේ උදෑසන මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ වත්තල හේකිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි හමුදා සෙබළෙක්.

ඔහු මෙම ප්‍රදේශයේ යුද හමුදා නිවාසවල ආරක්ෂක රාජකාරීවල යෙදී සිටියදී විදුලි රැහැනක් ඇදීමට උත්සාහ කිරීමේදී විදුලිසැර වැදී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බ්නධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

මේ අතර උඩුදුම්බර නමදගල ප්‍රදේශයේදී ද පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් මරණයට පත්ව තිබෙනවා.

ඔහු නමදගල ප්‍රදේශයේම පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙක්.

වගා කටයුතු සිදු කර ඇති ඉඩමට කම්බියක් උපයෝගී කර ගනිමින් නිවසේ විදුලි පරිපථයෙන් විදුලි රැහැන් ඇදීමට උත්සාහ කිරීමේදී විදුලිසැර වැදී මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

උඩුදුම්බර පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
13
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?