විදුලිසැර වැදීමෙන් මව සහ පුතා රෝහලේ

වරකාපොළ තුල්හිරි ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් මවක් සහ දරුවෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (21) සවස විදුලි සැර වැදීමට ලක්වූ ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලබා ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයගේ දරුවා 12 හැවිරිදි වියේ පසුවනවා.

ප්‍රදේශයේ නිවසක් අසල පිහිටි ගසකට නැග එහි අත්තක් කපමින් සිටි 12 හැවිරිදි පිරිමි ළමයාට විදුලි සැර වැදී ඇත්තේ කපන ලද අත්තක් අධි බලැති විදුලි රැහැනක් මතට පතිත වීමෙන්.

ඔහුට විදුලිසැර වැදී බිමට ඇද වැටී ඇති අතර අසල සිටි මව දරුවා ගැනීමට යාමේදී ඇයට ද විදුලිසැර වැදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

අනතුරුව ඔවුන් දෙදෙනා වරකාපොළ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

වරකාපොළ පොලිසියයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
4
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?