විදුලිය කැපිල්ල දිගුවෙයි ?

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉකුත් ඉරිදා (20 වැනිදා) සිට යළි සම්පූර්ණයෙන්ම නතර වීමත් සමග තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබාදීම නතර වීම තවදුරටත් සීමා වුවහොත් දිනකට විදුලිය කපන පැය ගණන වැඩි කරන බව ශී‍්‍ර ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඒ අනුව බලාගාර කිහිපයකටම අවශ්‍ය ඉන්ධන නොලැබීම මත ඊයේ (24 වැනිදා) දිනයේ පැය හයයි විනාඩි දහයක් විදුලිය කපා හැරීමට සිදු වූ බව ද සභාපතිවරයා කීවේය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මගින් දැවිතෙල්, නැප්තා මෙන්ම නිපද වූ ඞීසල් සියල්ල ද මේ වනවිට නොලැබෙන අතර මේ නිසා විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබාදීම යළි බරපතළ අර්බුදයකට ගොස් තිබේ.

පැය පහකට පමණ සීමා වී තිබූ දෛනික විදුලි කප්පාදුව ඊයේ (24 වැනිදා) සිට පැය හයයි විනාඩි 10 ක් දක්වා දික් කළ අතර අද (25 වැනිදා) සිට එය තවත් දිගු විය හැකි බව විදුලි ඉංජිනේරුවරු ද කියා සිටියහ.

සපුගස්කන්ද පිරිපහදුවෙන් සියයට 60 ක්ම නිපදවූයේ දැවිතෙල් වන අතර මේ මොහොතේ එම පිරිපහදුවෙන් නිපදවන දැවිතෙල් තිබුණේ නම් බලාගාරවලට ලබාගත හැකිව තිබිණි. කෙරවලපිටිය ද්විත්ව චකී‍්‍රය බලාගාරය (මෙ. වො. 300), වරායේ බාච් බලාගාරය (මෙ. වො. 60), සපුගස්කන්ද බලාගාරය (මෙ. වො. 160), කැලණිතිස්ස මෙ. වො. (165) යන බලාගාරවලට ඉන්ධන නොමැතිවීම නිසා විදුලි අර්බුදය උග‍්‍ර අතට හැරෙමින් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?