විද්‍යා මාමා ගුරු පියාණන් අභාවප්‍රාප්ත වෙයි

‘ විද්‍යාව මාමා ‘සංකල්පය හඳුන්වා දුන් ජෝශප් ඩැනිස්ටර් කුරේ ගුරු පියාණන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක පටන් අසනීපව සිටි ඔහු කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (6) මිය ගොස් ඇති අතර මිය යනවිට 75 වැනි වියේ පසුවිය .

මොරටුව ,මොරටුමුල්ල, ද මැල්පාර ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහුගේ දේහය පිළිබඳව අවසන් කටයුතු (7) මොරටුමුල්ල මෙතොදිස්ත සභාවට අයත් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය .

ගුරුවරයෙකු මෙන්ම විදුහල්පති වරයෙකු වන ඔහු විද්‍යාව පිළිබඳව පොත්පත් නොතිබුණු අවධියක මිහිර පත්තරේ විද්‍යාමාමා ලෙස සරළ බස් වහරෙන් විද්‍යාව පිළිබඳව පුවත් පත් ලිපි ඉදිරිපත්‌ කරමින් ජනප්‍රියතාවට පත් විය.මිහිර ,ටිකිරි,විජය සතර ආදි ළමා පුවත් පත් සඳහා ලිපි මඟින් දරුවන් විද්‍යා විෂය පිළිබඳව දැනුවත් කර ඇත . ඒ අකාරයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රචාරය
කරන ලද විද්‍යා වැඩසටහන් රැසක් ඉදිරිපත්‌ කර තිබේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
19
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?