මිරුසුවිල් හමුදා කඳවුරක් අසලදී වෑන් රථයක් අනතුරට ලක්වී පුද්ගලයෙකු මරුට(ඡායාරූප)

යාපනය කොඩිකාමම් පොලිස් වසමේ මිරුසුවිල් ප්‍රදේශයේදී අද (27) අලුයම වෑන් රථයක් ගසක වැදී වෑන් රථයේ රියදුරු මිය ගොස් තිබෙනවා.

අද අලුයම 3ට පමණ වෑන් රථය කොඩිකාමම් සිට මිරුසුවිල් දක්වා ධාවනය වෙමින් තිබියදී එය මාර්ගයෙන් ඉවතට පැන
මිරුසුවිල් යුදහමුදා කඳවුරක් ඉදිරිපිට ගසක වැදී ඇති බව කොඩිකාමම් පොලිසිය පැවසුවා.

රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ රියදුරු පමණක් ඉඳ ඇති අතර මියගිය ඔහු කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ පදිංචි කුමාරසිංහම් ගජීපන් නැමති 27 හැවිරිදි අයෙකු බව හඳුනාගෙන තිබෙනවා.

2 17
3 15
1 15
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?