වෑන් රථයක් හා ජීප් රථයක් ගැටී 08කට තුවාල (ඡායාරූප)

පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේ අද (24) දහවල් වෑන් රථයක් හා ජීප් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවුණා.

බටුඔය ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ අට දෙනකු හබරණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් සියලු දෙනා වෑන් රථයේ ගිය අයයි.

වෑන් රථය කොළඹ සිට එරාවුර් බලාත් ජීප් රථය පොළොන්නරුවේ සිට හබරණ දක්වාත් ධාවනය වෙමින් තිබෙන අතරතුර මේ අනතුර සිදුවී තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථයේ කුඩා ලමුන් හතරදෙනකු කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සිට ඇති බව පොලිසිය පැවසුවා.

ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

vlcsnap 2023 03 24 13h27m44s109
vlcsnap 2023 03 24 13h27m48s909
vlcsnap 2023 03 24 13h27m54s796
vlcsnap 2023 03 24 13h28m57s404
WhatsApp Image 2023 03 24 at 13.06.45
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?