වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවක් මිය ගොස් 10 දෙනෙකු තුවාල ලබයි

වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ මීගහතැන්න ගල්ලනමුල්ල ප්‍රදේශයේ දි.

මෙම අනතුරින් තවත් දසදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර මියගිය කාන්තාවගේ ඥාති පුතෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවකට යාම සදහා කටුනායක ගුවන් තොටුපළට ඇරලවා ආපසු නිවසා කරා වෑන් රථයෙන් ගමන් කරමින් සිටියදී රථය හෝරවල වැලවත්ත මාර්ගයේ ගල්ලනමුල්ල ප්‍රදේශයේ මාර්ගයෙන් ඉවතට ගොස් බෝක්කුවක ගැටී ඇත.

තුවාල ලැබූවන් කළුතර නාගොඩ රෝහලේ සහ මීගහතැන්න රෝහලේ ප්‍රතිකාර ලබයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?