වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, උතුරු මැද වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

සබරගමුව පළාතේත් කලුතර, ගාල්ල සහ නුවර එළිය දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.

නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවීම මේ හැකියාවක් ද පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?