වැසිබර කාලගුණය තවදුරටත් මරණ සංඛ්‍යාවත් ඉහළට

දිවයිනට බලපා ඇති කාලගුණික තත්ත්වය, තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

බස්නාහිර, සබරගමු සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශ සඳහා රාත්‍රී කාලයේ හෝ සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, තාවකාලිකව ඇතිවිය හැකි තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශය පියවර ගන්නා ලෙසය.

එමෙන්ම අයහපත් අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 03ක් වාර්තා වී තිබෙනවා. පවුල් 13,902ක පුද්ගලයින් 55,435ක් පීඩාවට පත්වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

කැලණි ගඟේ ජලය පිටාර ගැලීමෙන් බියගම පොලිස් වසමේ මාර්ගයන් ජලයෙන් යටවී ඇති බව පොලීසිය පවසයි.

එම නිවේදනය පහතින්,

Capture 01 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?