වැස්සෙන් පස්සෙ එක පෙළට කඩුලු බිඳ වැටුණත් බංග්ලාදේශ පළමු ඉනිම ශක්තිමත්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට බංග්ලාදේශය ලකුණු 484ක දැවැන්ත ඉනිමක් ගොඩනැගීමට සමත් ව සිටිනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඊයේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමු ව පිතිකරණය තෝරාගත් බංග්ලාදේශයේ මුල් කඩුලු තුන ලකුණු 50කටත් අඩුවෙන් බිඳ වැටුණ ද, ප්‍රවේසම්කාරී හා වගකීම්සහගත ඉනිම් ද්විත්වයක් ගොඩනැගූ නායක ෂැන්ටෝ හා මුෂ්ෆිකර් රහීම්ගේ ඉනිම මෙහිදී වර්ණවත් වුණා.

සිව්වැනි කඩුල්ලට ලකුණු 264ක දැවැන්ත සබඳතාවක් ගොඩනගමින් සිටියදී නජ්මුල් ෂැන්ටෝ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 148ක් ලබා සිටියා.

ඉන් අනතුරුව මුෂ්ෆිකර් සමග තවත් ලකුණු 146ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගූ ලිට්න් දාස් ලකුණු 90ක් ලබා ගැනීමට සමත් වුණා.

හැඩකාර ඉනිමක් ක්‍රීඩා කළ රහීම් ලකුණු 163ක් රැස් කළේ හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් ද සමගින්.

දිනය අවසන් වන විට ඉතා වේගයෙන් බංග්ලාදේශයේ කඩුලු බිඳ වැටී ගිය අතර අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක හා තරිඳු රත්නායක එක් ව කඩුලු තුන බැගින් බිඳ හෙලුවා.

හෙට තරගයේ තෙවැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩබල් පොකට් පිට් පොකට් - ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
15:09
Video thumbnail
ඉසුරුපාය ඉදිරියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:21
Video thumbnail
යාළුවන්ට තනතුරු දෙන එකද පුනරුදය - කිසිම ජනපති කෙනෙක් මෙහෙම කරලා නෑ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50


?