වැලිකන්ද OIC ව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක්

වැලිකන්ද පොලිසිය මගින් මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගත් කිරි ගවයින් 20 දෙනෙකු, සැකකරුවන් දෙදෙනකු සමග අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම කිරි ගවයන් රජයේ ගොවිපොළකට භාරදීමට නියෝග කර තිබියදී, නැවත ජාවාරම්කරුවන් දෙදෙනාටම විකිණීමේ සිද්ධියකට චෝදනා ලැබ සිටින වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් එන්. අන්සර් සදාත් මහතා පොලිසියට නියෝග කර තිබෙනවා.

ඊයේ (18) මෙම නියෝගය නිකුත් කර ඇති බවත් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති බවත් දසත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

අදාළ සිද්ධිය සම්බන්ධව වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව නිර්නාමික පෙත්සමක් මගින් පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයාට කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා ද පෞද්ගලිකව ඒ පිළිබඳ සොයා බලා ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව එහි විමර්ශන කටයුතු සිදු කරන ලෙසට පොලිස්පතිවරයාට සහ උතුරු මැද ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට මහේස්ත්‍රාත්වරයා දැනුම්දී තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය මගින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ප්‍රධාන සැකකරු වන වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා සැඟව සිටින බවට උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය මගින් අධිකරණයට දැනුම් දුන්නා.

D982025 /02 අංකය යටතේ විභාග වන මෙම නඩුවට අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් අන්සර් සදාත් මහතා පොලිසියට මෙහිදී නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
3
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?