මොනරාගල සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකට පහරදීමක් සිදු ව තිබෙනවා.
ඒ වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ ඇතිලිවැව ප්‍රදේශයේ දී යි
ඇතිලිවැව ප්‍රදේශයේ දී බස් රථය නවතා පොලු මුඟුරු රැගත් පිරිසක් බස් රථයට ඇතුළු වී බස් රථයේ රියදුරුට හා කොන්දොස්තරවරයාට ප්‍රහාර එල්ල කර තිබෙනවා.බස් ධාවනයේ දී ඇති වු ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුවූ බවට තොරතුරු අනාවරණය වන අතර සිද්ධිය සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු විසින් කුඩාඔය පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබේ.
මෙම සිදුවීමට විරෝධය පළ කරමින් ඊයේ (28) මොනරාගල – මාතර පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් වී තිබුණ නමුත් අද (29) උදෑසන සිට මාතර – මොනරාගල බස්රථ යළි ධාවනයට එක්කර තිබූණා.













