වැඩි මිලට සහ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් සොයා වැලීම්

උත්සව සමයේදී වැඩි මිලට හා ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ආහාර තොග අලෙවිසල්, ගබඩා හා සිල්ලර වෙළෙඳසල් පරීක්‍ෂා කිරීමටයි එම අධිකාරිය පියවර ගෙන ඇත්තේ.

එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේදී ඇතැම් විට කූට වෙළෙඳුන් විසින් වැඩි මිලට මෙන් ම ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට ඉඩ ඇති බැවින් මෙම වැටලීම් සිදුකරන බව ද පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළා.

මෙවැනි උත්සව සමයන්වලදී ජංගම දුරකතන මිල දී ගැනීමට පාරිභෝගික ජනතාව බොහෝ සෙයින් පෙලඹෙන අතර එවැනි අවස්ථාවල ජනතාවට සිදුවන අක්‍රමිකතා වැළැක්වීම සඳහා අදාළ වෙළෙඳසල් පරීක්‍ෂා කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

භාණ්ඩ මිල දී ගැනීමේදී පාරිභෝගික ජනතාවට වෙළෙඳුන්ගෙන් යම් අක්‍රමිකතාවක් සිදු වුව හොත් ඒ පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ද පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

වැඩි මිලට ආහාර ද්‍රව්‍ය විකිණීම, ප්‍රමිතියෙන් තොර ආහාර විකිණීම මෙන්ම මිල ප්‍රදර්ශනය නොකර ආහාර අලෙවිය ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝග නොතකා කටයුතු කරන සියලු වෙළෙඳුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද පාරිභෝගික අධිකාරිය අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?