වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථානයේ සංචාරයක (ඡායාරූප)

වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර ඊයේ (13) පාමංකඩ පිහිටි ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වුණා.

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තරුණ ප්‍රජා සංවර්ධන ආයතනයක් වන ජාතික ශිෂ්‍යභට බළකායේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම සංචාරය සිදුවුණා.

පාසල් යන තරුණ තරුණියන් අතර විනය, නායකත්වය සහ දේශාභිමානය හා ආත්මාභිමානය ඇති කිරීමේ අරමුණින් පිහිටුවන ලද ජාතික ශිෂ්‍යභට බළකාය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තරුණ සංවර්ධන සංවිධානයක්.

මෙම ආයතනය වගකීම් සහගත සහ ශක්තිමත් අනාගත පුරවැසියන් බිහි කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබනවා.

ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථානය වෙත පැමිණි වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා හමුදා සම්ප්‍රදායන්ට අනුකුලව පිළිගනු ලැබීමෙන් අනතුරුව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පාසල් ශිෂ්‍යභට බාලක බාලිකාවන් සමඟ සමූහ ඡායාරූප වලට පෙනී සිටියා.

එහිදී වැඩබලන අමාත්‍යවරයා එම අවස්ථාවට සහභාගීව සිටි ශිෂ්‍යභටයින් සමඟ සුහද සාකච්ඡාවක නිරත වුණා.

ඉන් අනතුරුව ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රජිත ප්‍රේමතිලක විසින් එම බළකාය පිළිබඳ පුළුල් විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබුවා.

ජාතික ශිෂ්‍යභට බළකායේ මෙහෙවර, ක්‍රියාත්මක මෙහෙයුම්, පුහුණු ක්‍රියාකාරකම් හා සම්බන්ධ මුලපිරීම් මෙන්ම ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව තුල නායකත්වය සහ විනය වර්ධනය කිරීමේදී එහි වැදගත් කාර්යභාරය පිළිබඳ දළ විශ්ලේෂණයක් මෙම සැසියේදී ඉදිරිපත් කළා.

මෙම සැසිවාරයෙන් පසු වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්‍ෂවරයාගේ කාර්යාලයේදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වුණා.

එහිදී ජාතික ශිෂ්‍යභට බළකායේ දැනට පවතින ගැටළු පිළිබඳ විමසු වැඩබලන අමාත්‍යවරයා එම බළකායේ අනාගත සංවර්ධනය වෙනුවෙන් රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික කළා.

සංචාරය අවසන් කිරීමට පෙර ඔහු අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර, ජාතික ශිෂ්‍යභට බළකාය මගින් සිදු කෙරෙන අඛණ්ඩ සේවාව වෙනුවෙන් සිය කෘතඥතාව පළ කර සිටියා.

මෙම සංචාරය මගින් ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් කේන්ද්‍ර කරගත් ආරක්‍ෂක අමාත්‍යාංශයේ කැපවීම අවධාරණය කරන ලද අතර ජාතික සමගිය, නායකත්වය සහ සිවිල් පුරවැසියන් වශයෙන් ඇති වගකීම ඉහළ නැංවීම සඳහා ජාතික ශිෂ්‍යභට බළකායේ විශිෂ්ඨ දායකත්වය විදහා දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21 විපක්ෂ රැළියට අපිට ආරාධනා කළේ නෑ..මුන්ගේ තියෙන ආඩම්බරකම
02:27
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51


?