Empty Ad
Empty Ad
AFC Banner

වැට් බදු හා ආදායම් බදු නොගෙවූ ජනක රත්නායකට සිතාසි

කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීම් ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් තිස්තුන් කෝටියකට අධික වැට් බදු හා ආදායම් බදු නොගෙවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිට එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක හා ඔහුගේ බිරිඳට දෙසැම්බර් මස 10 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (04) නියෝග කළා.

එම සමාගමේ අධ්‍යක්ෂවරයකු මෙන්ම මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක හා ඔහුගේ බිරිඳ වන කුමාරි යසෝදා සිල්වා යන යුවළට අධිකරණයෙන් එසේ නියම වුණා.

ඉහත සඳහන් අඹුසැමි යුවළ මෙම සිද්ධියේ වගඋත්තරකරුවන් බවත් ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත්කර ඇතත් එම වගඋත්තරකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිට ඒ වෙනුවට එම සමාගමේ වෙනත් අධ්‍යක්ෂවරයෙකු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බැවින් වගඋත්තරකාර අඹුසැමි යුවළට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම ආයතනය වෙනුවෙන් 2016,2017,2018 වර්ෂ තුන සඳහා හිඟ බදු මුදල් වශයෙන් රුපියල් 31,846,248.24 ක් හා හිඟ ආදායම් බදු මුදල් වශයෙන් රුපියල් 1,851,658.37ක මුදලක් රජයට ගෙවිය යුතුව ඇති නමුත් ඔවුන් එම මුදල් ගෙවීම පැහැර හැර ඇති බව ද නීතිඥ දිනේෂ් පෙරේරා අධිකරණයට දන්වා සිටියා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් නීතිඥයා දිනේෂ් පෙරේරා පෙනී සිටි අතර, වගඋත්තරකාර අඹුසැමි යුවළ වෙනුවෙන් සම්පත් ජයවර්ධන හා රුක්ෂාන් යන නීතිඥවරු පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News🛑උතුර නොසන්සුන් කළ තිස්ස විහාරය - විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්
05:04
Video thumbnail
හැමෝම ආචාර්ය මහාචාර්ය වෙන්න ඕනි නෑ - පුංචි පැටුවුන්ට නාමල්ගෙන් ඔවදන්
06:02
Video thumbnail
අම්මයි පුතයි බෙදපු පොත් - තෑගිත් අරන් සතුටින් ගෙදර ගිය පැටව්
01:59
Video thumbnail
බලාපොරොත්තුව පදනම මගින් ඉටුකළ දෙමව්පියන්ගේ බලාපොරොත්තුව
07:10
Video thumbnail
තාත්තගේ වගකීම ආණ්ඩුවට බාර කරන ඉලංදාරියා
01:59
Video thumbnail
අනුන්ගේ File නෙවෙයි - තමන්ගේ අයගේ Profile ටික හදාගන්න - ජනපතිගේ කට ලොක් වෙන්නම නාමල් දෙසයි
02:52
Video thumbnail
ගොවියන්ට විශේෂ නිවේදනයක් - රජයෙන් දෙන වන්දිය අරගෙන නිකන් ඉඳලා තේරුමක් නෑ
08:28
Video thumbnail
කොහොමද අපි හරියටම පිංකමක් කරන්නේ
04:29
Video thumbnail
Breaking News🛑උදුවප් පොහෝදින මාලිගාකන්ද උණුසුම් වෙයි
01:01
Video thumbnail
කතානායක පුටුවේ ඉඳගන්න අධ්‍යාපන සුදුසුකමක් ඕනි නෑ
10:19

?