වාරය අකුරට වැඩ, දුම්රිය රෑ නවතියි

වරාය වෘත්තීය සමිති අද දෙවන දිනටත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවී සිටිනවා.

මේ හේතුවෙන් වරායට කෝටි එකසිය පනහකට ආසන්න දෛනික පඩුවක් සිදුවී ඇති බව එම වරාය වෘත්තීය සමිති පවසනවා.

රජය පැනවූ නව බදු සංශෝධනවලට එරෙහිවයි ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන යන්නේ.

අද දිනය තුළ නිසි පිළිතුරක් නොලැබුණහොත් හෙට දිනයේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරන බවද ඔවුන් පවසනවා.

මේ අතර අද මැදියම් රැයේ සිට දුම්රිය එක් දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

එහි අරමුණ රජයට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් 05ක් ඉටු කර ගැනීමයි.

කෙසේ වෙතත් මෙම වර්ජන ක්‍රියාමාර්ගවලින් වැඩිම බලපෑම එල්ල වන්නේ සාමාන්‍ය ජනතාවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
3
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
4
මලපනිනව !
6
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?