දිස්ත්‍රික්ක රැසක වායු ගෝලයේ දූෂණ මට්ටම අද (12) ඉහළ ගොස් තිබූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් වාර්තාවල සදහන්. එම සංවිධානය පවසන්නේ අද දිනය තුළ වායු දූෂණ තත්ත්වය මධ්‍යම මට්ටමක් තුළ පවතී යැයි අපේක්ෂා කරන බැවින් එම තත්ත්වය සෞඛ්‍යමය වශයෙන් අහිතකර තත්ත්වයක් නොවන බවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ වායු දූෂණ මට්ටමේ අගය ඊයේ 123ක් ලෙස දැක්වුනත් අද එය 111ක් දක්වා අඩුවී තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ අගය 97 සිට 69 දක්වා පහළ බැස තිබුණි.
රත්නපුර දිස්ත්‍රික්කයේ 77ක් ලෙස ඊයේ සටහන් වූ අගය අදත් එලෙසම වාර්තා වේ.
යාපනය දිස්ත්‍රික්කයේ ඊයේ අගය 109ක් ලෙස වාර්තා වූ අතර අද එම අගය දැක්වුණේ 103ක් ලෙසය.
වව්නියාව දිස්ත්‍රික්කයේ ඊයේ 91ක්ව පැවති අගය අද 69ක් දක්වා පහළ බැස තිබුණි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 69ක්ව පැවති අගය 60ක් දක්වා අද පහළ බැස තිබූණා
මුලතිව් දිස්ත්‍රික්කයේ 83ක්ව පැවති අගයද අද 80ක් දක්වා පහළ බැස තිබුණි.
ඊයේ දිනට සාපේක්ෂව අද ඉහළ ගොස් ඇති දිස්ත්‍රික්ක
බදුල්ල දිස්ත්‍රික්කයේ අගය 89 සිට 140 දක්වා ඉහළ ගොස් තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඊයේ 97 ක් ලෙස වාර්තා වූ අගයද අද 151ක් දක්වා ඉහළ ගොස් ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඊයේ 86ක්ව පැවති අගය අද 106ක් දක්වා ඉහළ ගොස් තිබුණි.මීට අමතරව මහනුවර, කුරුණෑගල, ගාල්ල, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලද වායු දූෂණ මට්ටම ඊයේ දිනට සාපෝක්ෂව ඉහළ ගොස් තිබේ.