ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැන යකා නැටූ දෙදෙනෙක් අල්ලයි

ඔලබොඩුව, පින්නකොළවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට හා යාබද නිවසකට කඩා වැදී දේපල රැසකට අලාභානි කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් පහර දීමට යොදා ගත් කඩුවක් සහ අඩියක් පමණ දිගති කිණිස්සක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරුවන් දෙදෙනා තියුණු ආයුධ රැගෙන පැමිණ නිවැසියන්ට තර්ජනය කරමින් නිවස ඉදිරිපිට සවිකර තිබෙන CCTV කැමරාවලට සහ තවත් දේපළ රැසකට පහරදී අලාභානි සිදු කර තිබෙනවා.

මීට කලකට ඉහත දී ව්‍යාපාරිකයා සහ එම නිවැසියන් සමග පැවති ආරවුලක් හේතුවෙන් පහරදීම සිදුකර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සිදු කළ පහර දීමෙන් නිවස ඉදිරිපිට සවිකර තිබූ ආරක්ෂිත කැමරාවලට, දොර ජනේලවලට හාන්සි පුටුවකට හා යාබද නිවසේ ගේට්ටුවකට සහ ජනෙල්වලට ද බරපතළ හානි සිදු වී තිබෙනවා.

සැකකරුවන් එම නිවස දෙකට තියුණු ආයුධවලින් පහර දෙන ආකාරය නිවසෙහි සවිකර තිබෙන CCTV කැමරාවක ද සටහන්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඔලබොඩුව ප්‍රදේශයේම පදිංචි අවුරුදු 26 සහ 43 වයස්වල පසුවන දෙදෙනෙකු බව සඳහන්.

සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
4
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?