spot_imgspot_img

වසර 2ක් තුළ ඉන්දියාවේ නව දියවැඩියා ආසාදිතයන් මිලියන 31ක්

2019 සහ 2021 අතර කාලය තුළ ඉන්දියාවෙන් නව දියවැඩියා රෝගීන් මිලියන 31ක් හමුවී ඇතැයි නවතම අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා.

සියලුම ප්‍රාන්ත ආවරණය කර සිදු කළ අධ්‍යයනයකින් පෙන්නුම් කර ඇත්තේ ඉන්දියාව තුළ බෝ නොවන රෝගව ආසදිතයන්ගේ සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.

සමස්ත ජනගහනයෙන් සියයට 15.3ක් (අවම වශයෙන් මිලියන 136ක ජනතාවක්) පූර්ව දියවැඩියා රෝගයෙන් පෙළෙන බව අධ්‍යයනයෙන් හෙළිවී තිබෙනවා.

ගෝආ (26.4%), පුදුචේරි සහ කේරළ (25% කට ආසන්න) ප්‍රදේශවලින් දියවැඩියා රෝගයේ වැඩිම ව්‍යාප්තියක් දක්නට ලැබෙන අතර ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යාප්තිය සාපේක්ෂව අඩු වුව ද එම සංඛ්‍යා ඉහළ යා හැකි බවයි අධ්‍යයනය අනතුරු අඟවන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දියවැඩියා රෝගය අන්ධභාවයට, වකුගඩු අකර්මණ්‍ය වීමට, හෘදයාබාධවලට, ආඝාතයට සහ පාද කපා හෝ ඇඟිලි දැමීමට ද ප්‍රධාන හේතුවක් වනවා.

ඉන්දියාවේ දියවැඩියා ව්‍යාප්තිය 11.4%ක් වන අතර ඉන්දියානුවන්ගෙන් 35.5%ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා.

ඊට අමතරව උදර ස්ථුලතාවය ජනගහනයෙන් 40% ක් වන අතර කාන්තා උදර ස්ථුලතාවය 50%ක් බව සඳහන්.

පසුගිය වසර හතර තුළ ඉන්දියාව තුළ දියවැඩියා රෝගීන්, පූර්ව දියවැඩියා රෝගීන්, අධි රුධිර පීඩනය සහ උදර තරබාරුකම ඇති පුද්ගලයින් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

එමඟින් ඔවුන් බෝ නොවන රෝග සහ ආඝාතය ඇතුළු ජීවිතය වෙනස් කරන රෝග තත්වයන්ට ගොදුරු වන බවයි සැලකෙන්නේ.

ඉන්දියාවේ ජනගහනයෙන් 11%ක් දියවැඩියා රෝගීන් වන අතර 15.3%ක් පූර්ව දියවැඩියා රෝගීන් විය හැකි බව අධ්‍යයනය පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?