Empty Ad
AFC Banner
Empty Ad

වසර 13ක අනියම් පෙමට ජීවිතයෙන් වන්දි ගෙවයි (වීඩියෝ)

රාජාංගණය නවසිරිගම ප්‍රදේශයේදී පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ධීවර රැකියාවේ නිරත වූ 53 හැවිරිදි තිදරු මවක්.

ඊයේ (07) සවස 03.30ට පමණ මෙම ඝාතනය සිදුව ඇත්තේ එම කාන්තාවගේ බාල සොයුරාගේ නිවසේදීයි.

එම නිවසට පිටුපස පිහිටි නිවසේ මෙම කාන්තාව ජීවත් වී සිට ඇති අතර, මීට දින කීපයකට පෙර ඇය වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි දියණියගේ නිවසට ගොස් ඊයේ යළි නිවසට පැමිණ සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි සඳහන්.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා මීට වසර 15කට පමණ ඉහතදී රෝගාතුරව මිය යාමෙන් පසු, ඝාතනය සිදු කළ සැකකරු සමඟ ඇය වසර 13ක පමණ සිට අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබෙනවා. ඝාතනය සිදු කළ බව කියන පුද්ගලයාද විවාහකයකු වන අතර ඔහුට ද දරුවන් සිටින බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම යුවළ වසර ගණනක් එකට දිවි ගෙවූ බවත්, ජීවිතක්ෂයට පත් කාන්තාවගේ බාල දරුවා සමඟ එක නිවසක ඔවුන් දිවි ගෙවූ බව ද සඳහන්.

බාල දරුවා සමඟ මීට මාසයකට පමණ පෙර ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර, එම ගැටුම සමථ මණ්ඩලයට ද යොමු කර තිබෙනවා.

ඒ අනුව ඊයේ එය සමථ මණ්ඩලයේදී විභාගයට ගැනීමට නියමිතව තිබුණ ද ඒ සඳහා ජීවිතක්ෂයට පත් කාන්තාවගේ සොහොයුරා හා දරුවා ඊට සහභාගී වී නැහැ.

ඝාතනය සිදු කළ පුද්ගලයා සමථ මණ්ඩලයට සහභාගී වී ඇති අතර යළිත් ලබන 21 වනදා පැමිණෙන ලෙස දැන්වූ බවයි ඔහු මෙම කාන්තාවට නිවස අසලදී ප්‍රකාශ කර ඇත්තේ.

පස්වරුවේ නිවස අසළ වෙළඳසැලකදී ද ඝාතකයා විසින් ඝාතනයට ලක් වූ කාන්තාවගෙන් “සමථ මණ්ඩලයට යනවාද?” යැයි විමසා තිබෙනවා. ඝාතනයට ලක් වූ කාන්තාව “ 21 නේ තියෙන්නේ“ යනුවෙන් පවසා ධීවර රැකියාවේ නිරත වීම සඳහා වැවට ගොස් නැවත සොයුරාගේ නිවසට පස්වරු 2.30ට පමණ පැමිණ දිවා අහාරය ලබා ගෙන නිවසේ රැඳී සිට ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

එම අවස්ථාවේ ඝාතකයා විසින් එම නිවසට පැමිණ “ආ උඹ හොඳට ඉන්නවා නේ “ යැයි විමසා ”ඉඳපන්කෝ උඹට හොඳ වැඩක් කරන්න“ යැයි පවසා සඟවාගෙන සිටි ආයුධයකින් නිවසේ සාලයේදී එම කාන්තාවට පහරදී තිබෙනවා.

බරපතල තුවාල ලැබූ කාන්තාව රාජාංගනය යාය 05 ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර, ඝාතනය සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විමර්ශණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
2
+1
4
+1
7
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 ලංකාවට එන ක්‍රිකට් වසන්තය මෙන්න
08:03
Video thumbnail
රාමසාන් ඉෆ්තාර් උත්සවය මාර්තු මස 27වන බ්‍රහස්පතින්දා පැවැත්වේ
00:26
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:29:34
Video thumbnail
රටක ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් තියෙන්න ඕන
10:23
Video thumbnail
අපි මේ මාස ටිකට කරපු දේවල් ඔයාලට හිතා ගන්නවත් බෑ - ඇමතිලා පොලේ යනවා දැකලම නැත්ද නාමල්
08:04
Video thumbnail
තරුණ කටයුතු ඇමතිට විහිළු කළාට ඇමති දීපු උත්තරේ
04:41
Video thumbnail
පිටසක්වල ජීවින් එනවා කියන බඩු නේ මේ - සජබේ නයනක දෙනවා දීමක් ඇප නැති වෙන්න
18:06
Video thumbnail
චන්දන සූරියබණ්ඩාර සුපිරි කතාවක් කරයි
03:19
Video thumbnail
ලොකු හාමුදුරුවෝ ඝා#නය කරයි - සංවේදී දර්ශන ඇති බව සලකන්න
03:03
Video thumbnail
කොන්ද පණ නැති ආණ්ඩුවක් මේ ආණ්ඩුව - හාමුදුරුවෝ මාධ්‍ය හමුවේ ආණ්ඩුවට දෙසයි
12:43

?