Empty Ad
AFC Banner
Empty Ad

වර්ජනයෙන් තැන තැන පාළුවට ගිය හැටි

වත්මන් පාලනයට එරෙහිව වෘත්තීය සමිති රැසක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික සේවා ආයතන රැසක සේවාවන් මන්දගාමී ස්වභාවයක් පවතී. බොහෝ නගර සුළු පාළුව ස්වභාපයක් ගෙන තිබුණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ඉතා සීමිත ප්‍රමාණයක් ගොවීන් රැගෙන විත් තිබුණත් ඒවා මිලදී ගැනීම්ට  වෙළෙන්දන් නොපැමිණීම නිසා ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තබා තිබෙන අයුරු දැක ගැනීමට හැකිවිය

බොහෝ ප්‍රදේඑහවල ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ර‍ෙ ධාවනය වූ අතර  පෞද්ගලික බස් රථ ද සීමා සහිතව ධාවනයට යොදවා තිබෙන අයුරු දැක ගැනීමට හැකිවිය

වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙුණු බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ජනතාව අපහසුතාවයට පත්ව ඇති මොහොතක හෝ රෝහල්ට පැමිණිෙන රෝගීන් අපහසුතාවයට පත් නොකොට එහි ප්‍රතිකාර කටයුතු සිදු කරන බව හෙතෙම සඳහන් කළේය.

බොහෝ  රාජ්‍ය ආයතන විවෘතව තැබුණත් සේවා ලබා ගැනීමට එන මහජනතාව ඉතා අල්ප බව සේවකයෝ පවසති.

පාසල් බොහොමයක ගුරුවරුන් හෝ පාසල් සිසුන් නොපැමිණි අතර පාසල් වසා දමා තිබෙන අයුරු දැක ගැනීමට හැකිවිය. බොහෝ නගවෙල ද වෙනදා මෙන් නොව ජනතාවගේ අඩු තත්ත්වයක් දැක ගැනීමට හැකි වීම විශේෂත්වයකි.

ඇතැම් දුම්රිය ස්ථානවලට වෙනදා මෙන් මගීන්ගෙන් පිරී නොසිටි අයුරු දැකගත හැකි වුවත් මගීන් කීපදෙනකු දුම්රියක් එනතුරු බලා සිටියහ. නමුත් දුම්රිය ධාවනයක කටයුතුවල වර්ධනයක් නොතිබූ අතර දුම්රිය ප්‍රවේශපත් කවුලුද වසා දමා තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?