වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලිස් ප්‍රධානින් පහකට වහා ස්ථාන මාරුවක්

වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි,ආණමඩුව පොලිස් අධිකාරි හා ආණමඩුව පොලිස්ථානාධිපති ඇතුළු පස් දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

ඒ පොලිස් කේෂත්‍ර බලකා මුලස්ථානයටයි.

මෙම මාරු විම සදහා මුල්ව ඇත්තේ පසුගිය 22 දි නවගත්තේගම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකුට ආණමඩුව ආලංකුලම ප්‍රදේශයෙදි පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් පිරිසක් සිදුකළ පහර දිමේ සිද්දියක් බවට තොරතුරු වාර්තා වනවා.

මෙසේ පහර කෑමට ලක්වු පොලිස් කොස්තාපල් වරයා රාජකාරි නිමවා නිවසට පැමින සිටියදි ඔහුගෙ නිවස ආසන්නයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් කණ්ඩායමක් කොස්තාපල් වරයාට පහර දී ඔහු පොලිස් ත්‍රිරෝද රථයක දමාගෙන ගොස් පෙරියකුලම සුසාන භුමිය ආසන්නයෙ මහ මග දමාගොස් ඇති බව පැවසෙනවා.

අදාල සිද්දියට චෝදනා එල්ලවන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම ඒකකයට අයත් පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙකුට ,පොලිස් සැරයන් වරයකුට ,පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු පස් දෙනෙකුටයි.

කෙසේ වෙතත් මෙම සිද්දිය සමතයකට පත් කිරීමට මැදිහත් නොවිම මත පොලිස් විශේෂ කාර්ය බලකායට කැලලක් සිදුව ඇති බවත් ඒ අනුව මේ සදහා ක්‍රියාත්මක නොවිමේ චෝදනාවට වයඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් ප්‍රධානින් වහාම ක්‍රියත්මක වන පිරිදි මාරු කර ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ පහර කෑමට ලක්වු පොලිස් කොස්තාපල්වරයා ආණමඩුව රෝහලටත් ඉන් පසුව කුරුණෑගල රෝහටත් ප්‍රතිකාර සදහා යොමු කර තිබෙනවා.

අදාල පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් හා සෙසු පිරිස ඊයේ (28) ආණමඩුව පොලිසියට භාරවිමෙන් පසුව ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් අප්‍රේල් 3 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ සිද්දිය සම්බන්දයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් කළා.

ඔහු පැවසුවේ ඉහත කි පොලිස් නිලධාරීන් සදහා සේවා අවශ්‍යතාවක් මත ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි.

පොලිස් නිලධාරියාට පහර දීමේ සිද්දිය හා මෙම ස්ථාන මාරු අතර සම්බන්දයක් ඇත්දැයි නිශ්චිතව කිව නොහැකි බව ඔහු පැවසුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?