spot_imgspot_img

වන අලි රංචුවක් කඩා වැදීම හේතුවෙන් පාසලක් තාවකාලිකව වැසේ

වන අලි රංචුවක් කඩා වැදීම හේතුවෙන් බංගදෙණිය – කරුක්කුලිය විද්‍යාලය අද තාවකාලිකව වසා දැමීමට ආරච්චිකට්ටුව කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් කටයුතු කර තිබෙනවා.

31 වැනිදා පෙරවරුවේ වන අලින් 06 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් බංගදෙණිය – කරුක්කුලිය ප්‍රදේශයට පැමිණ ඇති අතර එම වන අලින් පාසල් භූමියටත් ඇතුළු වී ඇති බව ප්‍රදේශවාසීන් පවසන්නේ.

වන අලින් පැමිණ ඇති බව දැන ගත් මව්පියන් පැමිණ කරුක්කුලිය පාසලේ සිටි තම දරුවන්ව නිවෙස් වලට කැදවාගෙන යාමට කටයුතු කර ඇත. මෙම තත්ත්වය නිසා පාසල තාවකාලිකව වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කර ඇත.
ගම් වැදී ඇති වන අලින් පලවා හැරීමේ මෙහෙයුමක් වන ජීවී නිලධාරීන් සහ පොලීසිය එක්ව මේ වන විට ආරම්භ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?