වන අලි පහරදීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, අඹන්පොල ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු අද අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගොස් ඇත්තේ නිකවලයාය ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර, ඇහැටුවැව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, පහරදීමෙන් මියගොස් ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

මෘත ශරීරය මේ වන විට ගල්ගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර ඇහැටුවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?