වන අලි පහරදීමකින් දෙදරු මවක් මෙලොව හැර යයි

අද (30) මහියංගණය දෙහිගොල්ල ප්‍රදේශයේ නිවසකට අලියෙකුගේ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

වන අලි ප්‍රහාරය නිසා ජීවිත ආරක්ෂාව පතා නිවැසියන් දිවයද්දී පෙර පාසල් දරුවාද රැගෙන දිවගිය මවට අලියා පහරදී තිබෙනවා.

ගම්වාසීන් විසින් මෙම අලියා පන්නා දැමීමට මහත් වෙහෙසක් දරා ඇති අතර කාන්තාව බිම ඇදවැටෙද්දී දරුවාගේ හිසටද තුවාල සිදුවී තිබෙන අතර වහාම ක්‍රියාත්මක වූ ගම්වාසීන් විසින් මෙම කාන්තාව සහ දරුවා මහියංගණය රෝහලට ඇතුලත් කළ පසු මව මියගිය බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ මහියංගනය, දෙහිගොල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි දෙදරු මවක්.

කාලයක් තිස්සේ බලධාරීන්ට මෙම අලි ගැටලුව පිළිබඳව දැනුම් දුන්නද මෙතෙක් එයට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම අවාසනාවන්ත මරණය සිදුවූ බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
12
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?