වන අලි කුලප්පුවකින් පුද්ගලයෙකුට තුවාල

ගලෙන්බිදුණුවැව පඩිකාරමඩුව ප්‍රදේශයේ වන අලි කුලප්පුවකින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

නිවාඩු ලබා සිටි එම නිලධාරියා අලි පලවා හැරිය ස්ථානයක රැඳී සිටියදී පලාගිය අලියෙකු පහර දී ඇති බව පැවසෙනවා.

ඊයේ රාත්‍රීයේදි ගම්වැදුණු වන අලි රංචුවක් 17 දික්වැව ප්‍රදේශයේ අක්කරයක පමණ කෙසෙල් වගා භූමියක් ආහාරයට ගෙන විනාශ කර දමා ඇති අතර අනතුරුව එම අලි රංචුව අද(28) උදෑසන 7 පමණ අබකොලනිය ,කුරුණෑගල කොලනිය, ඇතුළු පඩිකාරමඩුව ප්‍රදේශයේ කුඹුරු වගා භුමියකටද ඇතුළු වී තිබුණා.

මෙම අවස්ථාවේ ප්‍රදේශවාසීන් එක්ව වන අලි පලවා හැරීමට උත්සාහ දැරීමේදී කුලප්පු වූ අලියෙකු සිවිල් ආරක්ෂක නිලධාරියාට ද පහරදී පලාගොස් ඇති බව පැවසෙනවා.

පාදයට තුවාල ලැබූ නිලධාරියා ගලෙන්බිදුනුවැව මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව
අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබුණා.

අලි රංචුව මොරගොඩ වනජීවී නිලධාරීන් සහ රිටිගල වනජීවී කාර්යාලයේ නිළදාරීන් එක්ව පලවා හැරීමටයි කටයුතු කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?