වනිඳු යළිත් පෙරමුණට – එංගලන්තයෙනුත් ඇරයුමක්

ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල යළිත් වරක් පෙරමුණට පැමිණීමට වනිඳු හසරංගට හැකිව තිබෙනවා.

ඒ, ප්‍රසාද ලකුණු 695ක් ලබා ගනිමින්.

මේ අතර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමවල දෙවන තැන හිමිව ඇත්තේ ඇෆ්ගනිස්ථාන දඟ පන්දු ‍යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් හටයි.

එහිදී රෂීඩ්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 694ක්.

එමෙන්ම වනිඳු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර සිව්වන ස්ථානයේ රැඳී සිටීම ද විශේෂත්වයක්.

මේ අතර එංගලන්තයේ පැවැත්වෙන ද හන්ඩරන්ඩ් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙ මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම විසින් 2023 වර්ෂය සඳහා ක්‍රීඩක වනිඳු රඳවා තබා ගන්නට තීරණය කර තිබෙනවා.

මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම පවුම් 125,000 ක මිලක් ගෙවමින් ඔහුව මෙලෙස රඳවා තබා ගන්නටයි තීරණය කර ඇත්තේ.

මේ අතර 2023 ද හන්ඩරන්ඩ් තරගාවලිය වෙනුවෙන් රඳවා ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වනිඳු වීමද විශේෂත්වයක්.

01 23
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
10
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?