වනජීවී හා වන සංරක්ෂණ කලාපවල ජීවත්වන ජනතාවට ඉඩම් ලබාදීමට පියවර

වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති භූමිය තුළ දීර්ඝ කාලයක සිට ජීවත්වන හා වගා කටයුතු කරන ජනතාවට එම ඉඩම් සඳහා ඔප්පු ලබා දීමේ ක්‍රියාවලියක් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ඉඩම් අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්හි මේ සම්බන්ධව ඇති ගැටලු විසඳා ගනිමින් ඉඩම් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ඉල්ලීමකට අනුව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වුණි.

ඒ අනුව ජනතාවට ඉඩම් නිදහස් කර ඔප්පු ලබා දීම පිළිබඳ කරුණු රැසක් එහිදී සාකච්ඡා කෙරිණි.

වනජීවිය හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීන් හා හා ඊට අනුබද්ධ ආයතන ප්‍රධානීන්, ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් හා විවිධ අනුබද්ධ ආයතනයන්හි නිලධාරීන්, උතුරු හා නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් ඊට සහභාගි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?