spot_imgspot_img

වනඅලි පහරදීමකින් පුද්ගලයෙක් මරුට

වනඅලියෙක් පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය පවසනවා.

අද අලුයම 3.30ට පමණ මෙම වනඅලි පහරදීම සිදු ව ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ තබ්බෝව – තෙවණුරුව පදිංචි ව සිටි වර්ණකුල සුර්ය නිකුලස් පෙරේරා නමැති 73 හැවිරිදි අයෙක්.

අලුයම් කාලයේ දී මරණකරුගේ නිවස අසලට පැමිණ ඇති වනඅලියා පලවා හැරීමට උත්සාහ කරන විට ඔහුට වනඅලි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

වනඅලි පහරින් ඔහු එම ස්ථානයේ දී ම මියගොස් ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?