ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක්

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ කළමනාකාරීත්වය එකඟතාව පළ කර තිබෙනවා.

ඉදිරි වසර දෙකක කාලය සඳහා මෙම මුදල ලබා දීමටයි එකඟතාව ප;පළවී ඇත්තේ.

එම මූල්‍ය ප්‍රදානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇතිකර ගෙන තිබෙන ගනුදෙනුව අවසන් වූ වහාම ලබාදීමට නියමිතයි.

පියවර කිහිපයක් යටතේ මූල්‍ය ප්‍රදානය සිදුකරන බව ලෝක බැංකුව සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණපා තිබෙන දැඩි ආර්ථික අවපාතය අවම කර ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනවා.

මේ අතර පොලී අනුපාතික ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්වුණා.

එලෙස පොලී අනුපාතික ඉහළ දැමීම උද්ධමනය වඩාත් කඩිනමින් සහ ස්ථිරව තනි ඉලක්කමක ඉලක්කය කරා අඩු කිරීමට ඇති කැපවීම එමඟින් පෙන්නුම් කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.

මහ බැංකුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ දැමීම සිදු කළේ ඊයේ දිනයේදීයි.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 15.50ක් දක්වා ඉහළ යනු ඇති. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 16.5 ක් දක්වා වැඩිකර ඇති බවයි මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?