ලෝකයේ සංචාරයට සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාව

ලෝකප්‍රකට ෆෝබ්ස් සඟරාව 2023 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාව එක් කර තිබෙනවා.

සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ නිර්දේශ මත රටවල් 23 නම් කර ඇති අතර සම්මානනීය සංචාරක වාර්තාමය චිත්‍රපට නිෂ්පාදකවරියක වන ජුලියානා බ්‍රොස්ටේ විසින් ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට තෝරා ගෙන තිබුණා.

අනුරාධපුරය, මහනුවර,යාල ජාතික වනෝද්‍යානය හා අලි නේවාසිකාගාර විදෙස් සංචාරකයන්ගේ ආකර්ශණය දිනාගත් ස්ථාන බව ජුලියානා ගේ අදහසයි.

තවද සංචාරකයින්ට කෙටි දුරකින් සංචාරක අත්දැකීම් ගණනාවක් ලබාගත හැකි රටක් ලෙසද ශ්‍රී ලංකාව ෆෝබ්ස් සඟරාව හඳුන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
53
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?