Fly high Get bonus Aviator Phone

ලෝකයම මුහුණ දුන් අවාසනාවන්ත තත්ත්වයට මට පමණක් දොස් කීම වැරදියි

ආර්ථික ප්‍රශ්නය සහ ඩොලර් හිඟය ඇතිවූයේ කොවිඩ් අර්බුදය හේතුවෙන් බව ඊයේ (27) පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියා.

එය තමාට පමණක් නොව ලෝකයට ද මුහුණ දෙන්නට සිදු වූ අවාසනාවන්ත තත්වයක් බවත් එනිසා මේ ප්‍රශ්නය අල්ලාගෙන තමාට පමණක් දොස් කීම වැරදි බව ද ජනාධිපතිවරයා  පවසනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

කොවිඩ් හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමත් ,විදේශ රැකියා වලින් ලැබුණු ආදායම අඩුවීමත්, ඩොලර් අර්බුදයට බරපතළ ලෙස බලපෑ බවද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

තමා බලයට පත් වී වසරක් යාමට පෙර කොවිඩ් අර්බුදය පැමිණි බව කී ජනාධිපතිවරයා සැලසුම් කළ බොහෝ දේවල් කිරීමට ඒ නිසා නොහැකි වූ බව ද පැවසුවා.

ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 360 ක් ද ,ගල් අගුරු ආනයනය සඳහා වසරකට ඩොලර් බිලියන තුනක් ද වැය කරන බව කී ජනාධිපතිවරයා එය ආර්ථිකය ට ද දරා ගැනීමට කිසිසේත් හැකියාවක් නැති බවද පවසා සිටියා

මේ තත්ත්වයෙන් මිදීමට පුනර්ජනනීය බලශක්තියට යොමු විය විය යුතු බව කී ජනාධිපතිවරයා තමා ඉදිරියට ප්‍රමුඛතාව දෙන්නේ ඒ සඳහා බව ද සඳහන් කළා.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අටසීයක් පමණ සූදානම් කර ටෙන්ඩර් කැඳවනු ලැබූවද, ලැබුණේ ටෙන්ඩර් 150ක පමණ ප්‍රමාණයක් බව ද මෙහිදී  පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?