ලොවක් වශීකළ තවත් කළු දියමන්තියක්

කැරට් 555.55ක් පමණ බරකින් යුතු කළු දියමන්තියක් වෙන්දේසිය සඳහා ඉදිරිපත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

එය නම්කර ඇත්තේ “ද එනිග්මා” නමිනි.

එම වෙන්දේසිය සඳහා ලංසු තැබීම පෙබරවාරි 03 වනදා සිට 09 වනදා දක්වා සිදුකළ හැකි  ඊට ක්‍රිප්ටො මුදල් ද භාවිත කළ හැකිය.
  
වෙන්දේසිය සංවිධානය කරනු ලබන Sotheby’s නම් සමාගම පැවසුවේ වෙන්දේසියක් සඳහා ඉදිරිපත් කළ විශාලතම කළු දියමන්තිය මෙය බවය.

එය 2006 වසරේදී ගිනස් වාර්තා පොතේ සටහන් වූයේ විශාලතම ඔප දමන ලද දියමන්තිය ලෙසය.

මෙම දියමන්තිය පසුගිය සතියේ ඩුබායි නගරයේදී ප්‍රදර්ශනය කළ අතර මෙම සතිය තුළ බෙවර්ලි හිල්ස් හි ප්‍රදර්ශනයට තබා ඇත.

අනතුරුව එය වෙන්දේසිය සඳහා ලන්ඩන් නගරයට ගෙනයෑමට නියමිතය. 

වෙළෙඳපොළ වාර්තා සඳහන් කර ඇත්තේ මෙම දියමන්තිය සඳහා ඩොලර් මිලියන 4ත් 7ත් අතර මිලකට වෙන්දේසි වෙතැයි අනුමාන කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?