Fly high Get bonus Aviator Phone

ලොවක් ආදරය කළ අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අවසන් ගමන් යයි (වීඩියෝ)

ස්වර්ගස්ථ අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු මෙරට වේලාවෙන් අද (26) පස්වරු 4.45ට පමණ සිදු කෙරුණා.

ඒ, රෝමයේ සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානයේ දීයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුවයි උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානයේ දී සිදුකරනු ලැබුවේ.

කෙසේ වෙතත් භූමදාන කටයුතු මහජනතාව වෙනුවෙන් විවෘත නොකිරීමටයි කටයුතු කර තිබුණේ.

1903 දී ස්වර්ගස්ථ වූ XIII ලියෝ පාප් වහන්සේගෙන් පසු වතිකානයෙන් පිටත දේහය තැන්පත් කරන ලද පළමු පාප් වහන්සේ වන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේයි.

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විශේෂයෙන් මරිය තුමියට කැප වී සිටි අතර, 4 වන සියවසේදී ඉදිකර ඇති මෙම සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථාන ඇය වෙනුවෙන් කැප කරන ලද පළමු පල්ලිය වනවා.

අවසන් කටයුතු වෙනුවෙන් විශේෂ රථ පෙරහැරකින් පාප් වහන්සේගේ දේහය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සිට රෝමය බලා රැගෙන අවා.

කිලෝ මීටර් 06ක් පමණ දුරකින් යුත් එම ගමන් මාර්ගය දෙපස රැස්වී සිටි බැතිමතුන් උන්වන්සේට සුබ ගමන් ප්‍රර්ථනා කරමින් අවසන් ගෞරව දැක්වූවා.

වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දේව මෙහෙය අද (26) දහවල් 1.30ට පමණ ආරම්භ වූ අතර, ඒ සඳහා 250,000ක පමණ පිරිසක් සහභාගී වී සිටි බවයි වතිකානය නිවේදනය කළේ.

මෙම අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ලෝක නායකයින් රැසක් සහභාගි වී සිටි අතර, ලොව නන්දෙසින් පැමිණි කාදිනල්වරුන් සහ කතෝලික පූජකතුමන්ලා ඊට සහභාගි වී සිටි බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මේ අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඉල්ලීමට අනුව ඔහු තෝරාගත් නාමයේ ලතින් අනුවාදය වන “ෆ්‍රැන්සිස්කස්” යන නම පමණක් සහිත බිමෙහි සරල සොහොන් ගෙයක ඔහුගේ දේහය තැන්පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම හෙට (27) උදෑසන සිට ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය තැන්පත්කර ඇති සොහොන නැරඹීමට ජනතාවට හැකි බවයි වතිකානය නිවේදනය කළේ.

ඇති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදී පසුගිය 21 වනදා ස්වර්ගස්ථ වුණා.

ස්වර්ගස්ථ වන විට ෆ්‍රැන්සිස් පාප්වහන්සේ 88 වන වියේ පසු වුණා

දුප්පත් ජනතාව, ලෝක සාමය, සමලිංගික ප්‍රජාව වෙනුවෙන් සැමවිටම පෙරමුණේ සිටගත් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ලොවපුරා ජනතාව අතර ආදරණීය චරිතයක් බවට පත්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිට එරෙහිව කළ ආන්දෝලනාත්මක කතාව නිසා තුසිත හල්ලොලුව CID වෙත කැඳවයි
02:15
Video thumbnail
ඊයේ ජනාධිපතිතුමාගේ කතාව ලෙෆ්ට් වෙන්න මුජිබුර් කරපු කතාව
07:47
Video thumbnail
තිස්ස විහාරය ඉස්සරහ ඩෙගා නටනවා - විමල් රටම හෙල්ලිලා යන කතාවක් කියයි
15:10
Video thumbnail
උන්ට කොමිස් ගහන්න අපි විදුලි බිල ගෙවන්න ඕනේ නැහැ - විමල් දුම්මල වරම අතට ගනියි
11:45
Video thumbnail
ටිල්වින් සහෝදරයා අවුරුදු 7 ක් හිරේ, ඒක අමතක කරන්න බෑ
17:25
Video thumbnail
විපක්ෂය සහාය දෙන්න පළාත් පාලන පිහිටුවන්න - නකුටට ඕනේ විදිහට බල්ලා නටවන්න හදන්න එපා
10:16
Video thumbnail
උඹලගේ ළඟ වාඩිවෙලා ඉන්න එකා ඇමතිවරයෙක් - ටිල්වින්ගෙන් සැර කතාවක්
07:17
Video thumbnail
කිසිවක් කරගන්න වෙලාවක් නැහැ - දක්ෂිණ අධිවේගී සේවා පියසේදී සිදුවුණු කරදරය
01:23
Video thumbnail
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ
01:57
Video thumbnail
දඩ කොල වෙනුවට කඩල කන්න දෙන අමුතු පොලිසිය
02:10

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?