spot_imgspot_img

ලොරි රථයක් ලිස්සා ගිහින් උමං මාර්ගයක ගැටිලා (ඡායාරූප)

මීරිගම සිට තලවකැලේ, ආගරපතන දක්වා ධාවනය වූ ලොරි රථයක් ලිස්සා ගොස් උමං මාර්ගයක ගැටීමෙන් අද (20) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

පැවති අධික වර්ෂාවත් සමඟ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල උමං මාර්ගයේ මෙම ලොරි රථය ගැටී ඇති බවයි දිඹුල, පතන පොලීසිය සඳහන් කළේ.

මෙම අනතුරින් කිසිවෙකුටවත් තුවාල සිදුව නොමැති අතර, අනතුරින් පසු එම උමං මාර්ග කොටසේ වාහන ධාවනයට සුළු බාධාවක් එල්ල වී තිබුණා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින අධික වර්ෂාවත් සමඟ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට සහ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බවත්, එම මාර්ග ලිස්සන සුළු බැවින් රථ වාහන ධාවනයේ දී සැලකිළිමත්වන ලෙස රියදුරන්ට හැටන් පොලිසිය දැනුම් දෙනවා.

5 1 2
6 3
7 2
1 1 1
3 1 1
2 1 2
4 1 2

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
2
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?