ලැබුණු ගමන්ම ජල බිල ගෙවන්න මාර්තු 01 සිට අවස්ථාව

ජල බිල්පත් නිකුත් කරන අවස්ථාවේදීම ඊට අදාළ ගෙවීම් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එහි නියමු ව්‍යාපෘතිය උතුර සහ උතුරු මැද පළාත්වලින් ආරම්භ කරන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම නව ක්‍රමවේදයට අනුව, බිල්පත සමඟ ලබා දෙන රිසිට්පතට බැංකු කාඩ්පත්වලින් එම අවස්ථාවේම ගෙවීම් කිරීමට අවස්ථාව සැලසෙනවා.

නව වැඩසටහන එළඹෙන මාර්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?