ලාභයට වඩා දේශප්‍රේමයට මුල්තැන දෙන්න – රුසියානු ජනපතිගෙන් ඉල්ලීමක්

ලාභයට වඩා දේශප්‍රේමයට මුල්තැන දෙන ලෙස රුසියානු ජනාධිපති, ව්ලැඩිමීර් පුටින් එරට ප්‍රකෝටිපතියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එටර ප්‍රකෝටිපතියන් සමඟ ඊයේ පැවති විශේෂ හමුවක දී රුසියානු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

එමෙන්ම බටහිර සම්බාධක හමුවේ එරට ආර්ථිකය නගා සිටුවීමට දේශීය ආයෝජන සඳහා පමණක් අවධානය යොමු කරන ලෙස ද රුසියානු ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

යුක්‍රේන ආක්‍රමණය ආරම්භයෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පළමු ව්‍යාපාරික හමුව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර චීන ජනාධිපති ෂී ජිංපිංග් රුසියානු ජනාධිපති හමුවීමට ලබන සතියේ එරට සංචාරයක නිරත වන බව වාර්තා වනවා.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු චීන ජනාධිපතිවරයා රුසියාවේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව ද මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?