ලාන්සා පාර්ලිමේන්තුවේ දී ජවිපෙ පතුරු ගසයි (වීඩියෝ)

වත්මන් විපක්ෂය ළිඳ ලඟ සංගමයේ කයිවාරු ගහන ගෑනු වගේ යැයි පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය අද (10) දිනයේ ආරම්භ කරමින් පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව සඳහන් කළා.

රට ගොඩනඟන වැඩසටහන සම්බන්ධයෙන් වචනයක් නොකියන විපක්ෂය කයිවාරු ගසමින් රට වටා ඇවිදින බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති වැඩසටහනේ වැරද්දක් ඇත්නම් නිවැරදි වැඩසටහන කුමක්දැයි පවසන ලෙස විපක්ෂයට අභියෝග කරන බව ද නිමල් ලන්සා මෙහිදී සඳහන් කර සිටියා.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද මෙහිදී නිමල් ලාන්සා මන්ත්‍රීවරයාගේ දැඩි දෝෂාරෝපණයට ලක්වීම විශේෂත්වයක්.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට තමා සමඟ විවාදයකට පැමිණෙන ලෙස ද ඔහු අද පාර්ලිමේන්තුවේ දී අභියෝහ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?